පළමු වරට රිජ්වේ ආර්යා ළමා රෝහලේ වර්ජනයක්

ඉතිහාසයේ පළමු වතාවට හෙට දිනයේ කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ වෛද්‍යවරුන් උදෑසන 08 සිට පැය 24 ක වෘත්තීය ක්‍රියාමාර්ගයක ආරම්භ කිරීමට තීරණය කර තිබෙනවා.

ඒ එම රෝහලේ 08 – B වාට්ටුවේ සිටින කාන්තා විශේෂඥ වෛද්‍යවරියකගේ ක්‍රියා කලාපයකට විරෝධය දක්වමිනු යි.

ඒ අනුව හෙට දිනයේ දී එම රෝහලේ බාහිර රෝගී අංශයේ කටයුතු බිඳ වැටෙනු ඇති බවයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා ප්‍රකාශ කරනවා.