ගම්පොල, කෙසෙල්වත්ත ප්රදේශයේදී පුද්ගලයෙකු දුම්රියකට පැන සිය දිවි හානිකරගෙන ඇති බව අද දෙරණ වාර්තාකරු පවසයි.
අදාල පුද්ගලයා ඊයේ(25) මෙලස දුම්රියට පැන සිය දිවි හානිකර ගෙන ඇති බව වාර්තා වෙයි.
මෙලෙ මිය ගොස් ඇත්තේ ගම්පොල, කෙසෙල්වත්ත ප්රදේශයේ පදිංචි 24 හැවිරිදි යද හමුදා යාන්ත්රක බලකායේ උඩවලව යද හමුදා කඳවුරේ සේවයේ නිරතව සිටි විවාහක තරුණයෙකි
පසුගිය 14 දා මෙම පුද්ගලයා සේවයෙන් නිවාඩු ගෙන තම නිවස වෙත පැමිණ ඇති අතර ඊයේ යළි සේවය සඳහා වාර්තා කිරීමට තිබූ දිනට බව මිය ගිය පුද්ගලයාගේ බිරිඳ විසින් පැවසීය.
අදාළ බිරිඳ විසින් වැඩිදුරටත් පවසා සිටියේ, තම ස්වාමිපුරුෂයා සමග විවහා වී මාස තුනක පමණ කලක් ගතවී ඇති බවත් ස්වාමිය සහ තමා අතර කිසිඳු ආරවුලක් නොතිබූ බවයි.
සිද්ධිය සම්බන්ධයෙන් ගම්පොල පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

