විපක්ෂ නායක සජිත් ගෙන් විශේෂ නිවේදනයක්

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් “අධිරාජ්‍යවාදීන් පවා හිස නැමු දළදා හාමුදරුවන්ටත් බිල් ලියන ආණ්ඩුවක්…!” යන මැයෙන් විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

විහාරස්ථාන සහ ආගමික සිද්ධස්ථාන උදෙසා සහනදායි විදුලි බිලක් ලබා දීමට ආණ්ඩුව පියවර ගත යුතු බවත් ඒ උදෙසා සංස්කෘතික අරමුදලේ දායකත්වය ලබා ගැනීම කළ හැකි බවත් එම ලිපියේ දක්වා තිබෙනවා.

දරාගත නොහැකි බරක් ආගමික සිද්ධස්ථාන වෙත පැටවීම සම්බන්ධයෙන් තමන් බලවත් පිළිකුලට සහ අසතුටට පත් වී සිටින අතර ඒ සඳහා විරෝධය පළ කරන බව ද සජිත් ප්‍රේමදාස මහතා නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.