යුක්රේනය රුසියාවට එරෙහිව පොකුරු බෝම්බ භාවිතා කරන්නේ නම් රුසියානු හමුදා ද පොකුරු බෝම්බ භාවිතා කිරීමට කිසිදු අවස්ථාවක පසුබට නොවන බව රුසියානු ජනාධිපති ව්ලැද්මීර් පුටින් ප්‍රකාශ කර තිබෙනවා.
රුසියාව සතුව පොකුරු බෝම්බ ප්‍රමාණවත් තොග පවතින අතර ඒවා භාවිත කිරීමේ අයිතිය තම හමුදාවට ද පවතින බව යි රුසියානු ජනාධිපතිවරයා මාධ්‍යවේදියෙක් සමඟ තිබූ සාකච්ඡාවකට එක් වෙමින් ප්‍රකාශ කර තිබෙන්නේ.
යම් හෙයකින් අමෙරිකාව විසින් ලබාදුන් පොකුරු බෝම්බ තොග යුක්රේනය භාවිත කළහොත් රුසියානු හමුදා ද එම අවස්ථාවේ දීම පොකුර බෝම්බ ප්‍රහාර එල්ල කිරීමට පියවර ගන්නා බවයි ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත්තේ.

