එළවලු, පලතුරු, රස කැවිලි, කිරි ආදී වූ ආහාර ද්‍රව්‍ය ඇතුළු පාරිභෝගික භාණ්ඩ ආනයනය කිරීම සඳහා 2023 වසරේ මුල් මාස පහේ දී රුපියල් කෝටි 41,512 කට වැඩි මුදලක් රජය වැය කර ඇති බව මහා බැංකු වාර්තා වල දැක්වෙනවා.
මින් ආහාරපාන සඳහා පමණක් වැය කර ඇති මුදල රුපියල් කෝටි 23,000 වෙනවා.
රටේ ආනයනය ප්‍රතිපත්තිය ලිහිල් කිරීම හේතුවෙන් ආනයන වියදම ඉදිරියේ දී විශාල වශයෙන් වැඩි විය හැකි බවත්, දේශීය නිෂ්පාදනය වැඩි කිරීමෙන් ආනයන වියදම සැලකිය යුතු ලෙස අඩු කර ගත හැකි බවත් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා හා සංඛ්‍යායන අධ්‍යනය අංශයේ මහාචාර්යය වසන්ත අතුකෝරල මහතා පවසනවා.

