මහ කන්නය සඳහා තවත් පොහොර වර්ගයක් නොමිලේ

ලබන මහ කන්නයේ දී තවත් රසායනික පොහොර වර්ගයක් නොමිලයේ ගොවීන්ට ලබා දීමට සැලසුම් කර ඇති බව කෘෂිකර්ම අමාත්‍යංශය නිවේදනය කරනවා.

මේ සම්බන්ධයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමඟ කළ සාකච්ඡාවක දී ජනාධිපතිවරයා විසින් ඊට යහපත් ප්‍රතිචාර දක්වා ඇති බවයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසා තිබෙන්නේ.