උසස් අධ්‍යාපන විෂය නිර්දේශ අනාගත අභියෝගවලට ගැළපෙන ලෙස යාවත්කාලීන කිරීමේ වැඩපිළිවෙළක් කඩිනමින් හඳුන්වා දෙන බව උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය සුරේන් රාඝවන් මහතා අවධාරණය කරනවා.
උසස් අධ්‍යාපනය හැදෑරීමට කැමති සෑම සිසුවෙකුටම උසස් අධ්‍යාපනය ලබා දීම රජයේ වගකීමක් බවයි රාජ්‍ය අමාත්‍යවරයා පවසන්නේ.
‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ තේමාව යටතේ ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති මාධ්‍ය හමුවට එක්වෙමිනුයි මේ සම්බන්ධයෙන් අදහස් දැක්වුයේ.
මේ වන විටත් ජාත්‍යන්තර වශයෙන් පිළිගත් විශ්වවිද්‍යාල තුනක ශාඛා මෙරට පිහිටුවීම සම්බන්ධව සාකච්ඡා සිදු කරමින් සිටින බව ද රාජ්‍ය අමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.

