සබරගමුව පළාත තුල ඉරිදා දිනයන්හි පෙරවරුවේ සහ පෝය දිනවල උපකාර පන්ති පැවත්වීම තහනම් කරමින් පළාත් ආණ්ඩුකාර නවින් දිසානායක මහතා නීතියක් ගෙනවිත් තිබෙනවා.
එම නීතිය දැඩිව ක්රියාත්මක කරන ලෙසත්, නීති කඩ කරන පුද්ගලයින් සොයා විමර්ශන ආරම්භ කරන ලෙසටත් උපදෙස් ලබා දී ඇති බව සබරගමු පළාත් ප්රධාන ලේකම්වරයා පවසනවා.
තවද පාසල් ගුරුවරුන් හට තමාගේ පාසලේ පන්තියේ සිටින සිසුන්ගේන් මුදල් අයකර අමතර පන්ති පැවැත්වීම ද මෙම නීතිය යටතේ තහනම් කර තිබෙනවා.

