රජය විසින් ලබා දෙන මුදල් ප්රමාණය අනුව ඉදිරියේ දී වී මිල දී ගැනීමට තීරණය කර ඇති බව වී අලෙවි මණ්ඩලය ප්රකාශ කරනවා.
මිල කමිටුවේ තීරණය පරිදි නාඩු සහ රතු කැකුළු වී කිලෝවක් රුපියල් 95 කටත්, සම්බා වී කිලෝවක් රුපියල් 100 කට සහ කීරි සම්බා වී කිලෝවක් රුපියල් 110කටත් මිල දී ගැනීමට අපේක්ෂා කරන බවයි සඳහන් කරන්නේ.

