2022(2023) අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල ලබන අගෝස්තු මාසය තුළ ලබාදීමට හැකිවනු ඇති බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා ප්‍රකාශ කරනවා.
ඒ අනුව 2023 අ.පො.ස උසස් පෙළ විභාගය නොවැම්බර් මාසය අග ආරම්භ කර දෙසැම්බර් නත්තලට පෙර අවසන් කිරීමට අපේක්ෂා කරන බවයි සඳහන් කරන්නේ.
එසේම 2023 අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගය මාර්තු හෝ අප්‍රේල් යන මාස වල දී පැවැත්වීමට අදාල කටයුතු සම්පාදනය කරමින් තිබෙන බවයි අමාත්‍යවරයා පවසන්නේ.

