අස්වැසුම අභියාචනා සහ විරෝධතා ඉදිරිපත් කිරීම සඳහා ලබා දුන් කාලය අවසන්

අස්වැසුම සමාජ සුබසාධන ප්‍රතිලාභ වැඩසටහන සම්බන්ධයෙන් අභියානාචනා සහ විරෝධතා ඉදිරිපත් කිරිමේ කාලය අදින් අවසන් වීමට නියමිතව තිබෙනවා.

අස්වැසුම සමාජ සුබසාධන ප්‍රතිලාභ වැඩසටහන සඳහා මේ වන විට ලක්ෂ 09කට ආසන්න අභියාචනා සංඛ්‍යාවක් ද, විරෝධතා 12,000ක් පමණ ද ලැබී තිබෙන බවයි වාර්තා වෙන්නේ.

අභියානාචනා සහ විරෝධතා ඉදිරිපත් කිරිමට ලබාදීමට තිබු කාලය පසුගිය මස අග දී අවසන් වීමට නියමිතව තිබුණ ද පාර්ශව රැසක ඉල්ලීම් හමුවේ එය අද දින දක්වා දීර්ඝ කිරිමට රජය පියවර ගනු ලැබිණි.