පොලිස්පති ධුරයේ කටයුතු කරමින් සිට පසුගිය ජුනි 26 වැනි දා විශ්‍රාම ගත් සී.ඩී. වික්‍රමරත්න මහතාගේ ධුර කාලය තවත් මාස 03 කින් දීර්ඝ කිරීමට පියවර ගෙන තිබෙනවා..
ඒ අනුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අනුමැතියට යටත්ව අද සිට ක්‍රියාත්මක වන පරිදි සී.ඩී. වික්‍රමරත්න මහතාට මාස 03ක සේවා දිගුවක් ලබා දී තිබෙනවා.
නව පොලිස්පතිවරයෙකු පත්කිරීම පිළිබඳව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහත සහ මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා අතර අද පැවති සාකච්ඡාවකින් අනතුරුව මෙම තීරණය ගෙන තිබෙනවා.
සී.ඩී. වික්‍රමරත්න මහතාගේ ධුරකාලය දීර්ඝ කළ දෙවන අවස්ථාව මෙය වේ.

