සංශෝධිත නව කම්කරු නීතිය මඟින් වෘත්තීය සමිතියක් පිහිටුවීමට අවශ්‍ය අවම සාමාජිකයින් සංඛ්‍යාව 100 දක්වා ඉහළ දමා ඇති බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා ප්‍රකාශ කරනවා.
පවතින නීතිය අනුව අවශ්‍ය අවම සාමාජිකයින් සංඛ්‍යාව 7 ක් වන අතර රටේ ජනගහනය වැඩි වීමට සාපේක්ෂව එම සංඛ්‍යාව 100 දක්වා වැඩි කිරීමේ යෝජනාව ඇතුලත් කළ බවයි ඔහු සඳහන් කළේ.
එසේම නව කම්කරු නීතියට අනුව වෘත්තීය සමිතියක විධායක සභාවට 25% ක කාන්තා නියෝජනයක් අනිවාර්යය කර තිබෙනවා.
තවද වැඩ වර්ජනයක් ආරම්භ කිරීමට පෙර සේවායෝජකයා දැනුවත් කිරීමත්, එම වැඩ වර්ජනය සඳහා සාමාජිකයින් බහුතරයකගේ කැමත්ත ලබා ගැනීමත් මෙම නව නීතිය යටතේ අනිවාර්යය කර ඇති බවයි සඳහන් කරන්නේ.

