හෙට දුම්රිය හරස් මාර්ගයක් වැසෙයි

මුහුදුබඩ දුම්රිය මාර්ගයේ බේරුවල හා අළුත්ගම දුම්රිය ස්ථාන අතර සැතපුම් කණුව 35 අසල මස්සල පාර දුම්රිය හරස් මාර්ගය අලුත්වැඩියා කටයුත්තක් හේතුවෙන් හෙට දිනයේ වසා තැබීමට සිදුවන බව දුම්රිය දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා.

ඒ අනුව හෙට පෙරවරු 07.00 සිට පස්වරු 05.00 දක්වා එම දුම්රිය හරස් මාර්ගය වසා තැබෙනු ඇත.

එම අදාළ කාලය තුල වෙනත් විකල්ප මාර්ග භාවිතා කරන ලෙසට දුම්රිය දෙපාර්තමේන්තුව ඒ හරහා ගමන් කරන රියදුරන්ගෙන් ඉල්ලීමක් කරනවා.