Elon Musk ගේ Twitter යෙදවුමට සමානව Meta සමාගම විසින් Threads නම් වූ යෙදවුමක් අද හඳුන්වා දෙනු ලැබුවා.
එයට Meta සමාගමේ ම තවත් යෙදවුමක් වන Instagram ගිණුම ඔස්සේ ලියාපදිංචි වීමේ අවස්තාව සලසා තිබෙනවා.
සමාගමේ ප්‍රධානි Mark Zuckerberg පවසන්නේ යෙදවුම එළි දක්වා ගත වූ පළමු පැය 07 තුල දී පමණක් මිලියන දහයක පරිශීලකයින් ප්‍රමාණයක් එය තුළ ලියාපදිංචි වූ බවයි.
මෙම යෙදවුමේ අක්ෂර 500 දක්වා එක post එකකට ඇතුලත් කිරීමට අවස්ථාව සලසා ඇති අතර Twitter වලට හා සමානව බොහෝ විශේෂාංග ඇතුලත් කොට තිබෙනවා.
Apple App Store සඳහන් කරන්නේ Threads යෙදවුම හරහා පරිශීලකයින්ගේ අනන්‍යතාවයට සම්බන්ධ සෞඛ්‍ය සහ තොරතුරු සෙවීම් දත්ත (Browsing data) ආදිය ලබා ගන්නා බවයි.
කෙසේවෙතත් ඔබ වරක් Threads යෙදවුමට ලියාපදිංචි වුවහොත්, ඔබේ Instagram ගිණුම delete කිරීමකින් තොරව Threads හි දත්ත erase කිරීමේ හැකියාවක් දැනට නොමැත.
විචාරකයින් පවසන්නේ Elon Musk විසින් Twitter හි කරන ලද යම් යම් වෙනස්කම් හේතුවෙන් මෙම නව Threads යෙදවුම ඉතා ඉක්මනින් පරිශීලකයින්ගේ ආකර්ෂණය දිනා ගනු ඇති බවට විශ්වාස කරන බවයි.

