ඉහළම ගෝලීය උෂ්ණත්වය ජූලි 03 දා වාර්තා වෙයි

ඉතිහාසයේ මෙතෙක් වාර්තා වූ ඉහළම ගෝලීය උෂ්ණත්වය පසුගිය ජූලි 03 වන දා වාර්තා වී තිබෙනවා.

එදින සාමාන්‍ය ගෝලීය උෂ්ණත්වය සෙල්සියල් අංශක 17.01 හෙවත් ෆැරන්හයිට් 62.62 ලෙස සටහන් වී තිබුණු බවයි ඇමරිකාවේ ජාතික කාලගුණික අනාවැකි මධ්‍යස්ථානය සඳහන් කරන්නේ.

මීට පෙර වාර්තා වූ ඉහලම ගෝලීය උෂ්ණත්වය 2016 වසරේ අගෝස්තු මස වාර්තා වුනු අතර එහි අගය සෙල්සියස් අංශක 16.92 වනවා.

ඉකුත් සති කිහිපයේ චීනයේ සෙල්සියස් අංශක 35 ට වැඩි උෂ්ණත්වයක් ද, උතුරු අප්‍රිකාවේ සෙල්සියස් අංශක 50 ක් පමණ වූ දැඩි උෂ්ණත්වයක් ද වාර්තා වී තිබෙනවා.