තද සුළං සහ මුහුද රළුවීම සම්බන්ධයෙන් අවවාදාත්මක නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙනවා.
ඒ අනුව ත්‍රිකුණාමලය සිට කන්කසන්තුරය, මන්නාරම, පුත්තලම, කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල දක්වා වන මුහුදු ප්‍රදේශ සඳහා සැලකිලිමත් වන්නැයි දැනුම් දෙනවා.
එම මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය විටින් විට පැ.කි.මී 60 – 70 දක්වා වැඩි විය හැකි අතර මුහුදු රළ උස මීටර් 2.5 – 3ත් අතර ඉහළ යා හැකි බවයි කාලගුණ අංශ නිවේදනය කරන්නේ.
එමෙන්ම සාමාන්‍යයෙන් අද දිනයේ මුහුදු ප්‍රදේශ රළු වන අතර විටින් විට ඉතා රළු ද විය හැකි වේ.
එම මුහුදු ප්‍රදේශවල යාත්‍රා කිරීම අවදානම් බැවින් ඒ පිළිබඳ අවධානයෙන් කටයුතු කරන ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ධීවර හා නාවික ප්‍රජාවගෙන් ඉල්ලා සිටිනවා.

