පසුගිය ජුනි මාසයේ සිදු කළ විදුලි මිල සංශෝධනයේදී සමස්ත විදුලි පාරිභෝගිකයින් ලක්ෂ 60ක ප්‍රමාණයෙන් ලක්ෂ 35කට 55%ක විදුලි මිල සහනයක් ලබාදීමට රජය කටයුතු කළ බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසනවා.
එසේම නව පුනර්ජනනීය විදුලි ව්‍යාපෘති ආරම්භ කිරීමට අවශ්‍ය පරිසරය ද මේ වනවිට නිර්මාණය කර තිබෙන බව යි අමාත්‍යවරයා ප්‍රකාශ කළේ.
ඛනිජ තෙල් සංස්ථාව ගිවිසුම් ගතවූ විදේශීය සමාගම් දෙකෙන්, එක් සමාගමකට අයත් පළමු ඉන්ධන නැව මේ මස අවසානය වන විට මෙරටට පැමිණෙනු ඇති බවත්, ඒ සමඟ නව සැපයුම්කරුවන්ගේ ඉන්ධන බෙදාහැරීමේ මෙහෙයුම් කටයුතු ආරම්භ වන බවත් ඔහු සඳහන් කරනවා.

