මුතුරාජා තායි රජුගේ භාරයට

පසුගිය දෙවන දා නැවත තායිලන්තය බලා ගිය මුතුරජා හස්තියාව සිය අනුග්‍රහය යටතට ගැනීමට තායිලන්තයේ රජු තීරණය කර තිබෙනවා.

ඒ අනුව මුතුරජා ගේ ප්‍රතිකාර කටයුතු සඳහා අවශ්‍ය වියදම් රාජකීය අරමුදලෙන් වෙන් වනු ඇති බවයි තායිලන්ත මාධ්‍ය වාර්තා කර තිබෙන්නේ.

මේ වන විට නිරෝධයනට ලක් වෙමින් සිටින මුතුරජා ගේ රෝග කිහිපයක් හඳුනා ගෙන ඇති බවයි ඔවුන් සඳහන් කරන්නේ.

දකුණු ඇසේ සුද මතු වී තිබීම, ඉදිරි වම් පාදය නැමිය නොහැකි වීම, උකුල ප්‍රදේශයේ ආසාදනයක් හට ගෙන තිබීම මෙන්ම නියපොතු සහ යටිපතුල් ආශ්‍රිතව යම් ගැටළු මතු වී තිබෙන එම රෝග වනවා.

කෙසේවෙතත් ඔහුගේ සමස්ත තත්ත්වය සාමාන්‍ය බවත්, මේ වන විට හොඳින් ආහාර ගන්නා බවත් එම මාධ්‍ය වාර්තා කර තිබෙනවා.