සුරාබදු අනුපාතය ඉහළට

ජූලි පළමුවෙනිදා සිට ක්‍රියාත්මක වන පරිදි සියලුම වර්ගයේ සුරාබදු අනුපාතයන් ද ඉහළ දැමීමට කටයුතු කර තිබෙනවා.

මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ගේ නියෝගයක් මත මෙම බදු සංශෝධනය සිදු කර ඇති බවයි සුරාබදු දෙපාර්තමේන්තුව සඳහන් කර තිබෙන්නේ.

මෙම බදු සංශෝධනයත් සමඟ සියලුම වර්ගයේ මිලිලීටර 750 මත්පැන් බෝතලයක මිල රුපියල් 300 කින් ද, බියර් රුපියල් 50 කින් ද ඉහළ දැමීමට අපේක්ෂා කරන බවයි මත්පැන් නිෂ්පාදන සමාගම් ප්‍රකාශ කරන්නේ.

ඒ සමඟම දුම්වැටි මිල ද අද සිට ඉහළ දමා තිබෙනවා.

ඒ අනුව කාණ්ඩ 4ක් යටතේ දුම්වැටියක මිල රු. 5/-, රු. 15/-, රු. 20/-, සහ රු. 25/ ක් ලෙස වැඩි වනු ඇත.