රාජගිරියේ මාර්ගයක් තාවකාලිකව වසා දැමීම සම්බන්ධයෙන් දැනුවත් කරමින් පොලීසිය නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
ඒ අනුව ඊයේ එනම් ජුනි 30 වන දා සවස 5 සිට ජූලි 04 වනදා අලුයම 5 දක්වා කාලසීමාව තුළ වැලිකඩ පොලිස් වසමේ රාජගිරිය පාර, මැද වැලිකඩ හන්දියේ සිට මාදින්නාගොඩ හන්දිය දක්වා කොටස තාවකාලිකව වසා දැමේ.
ජලනළ එළීමේ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීම හේතුවෙන් මෙලෙස මාර්ගය තාවකාලිකව වසා ඇත.
මේ හේතුවෙන් විකල්ප මාර්ග භාවිත කරන ලෙස ද පොලීසිය මහජනතාවට දැනුම් දෙනවා.

