“අස්වැසුම” සමාජ ආරක්ෂණ ප්රතිලාභ වැඩසටහන සඳහා දිවයින පුරා ප්රාදේශීය ලේකම් කාර්යාල වෙත අයදුම්පත්ර මිලියන 3.7ක් ලැබී තිබුණු අතර සිදු කළ සමීක්ෂණයෙන් පසුව අයදුම්පත් මිලියන 3.3ක් තෝරා ගෙන ඇත.
එසේම අස්වැසුම ප්රතිලාභ ලැබීමට සුදුසුකම් ලැබූවන් ලෙස අභියාචනා සහ විරෝධතා දැක්වීම්වලට යටත්ව මිලියන 02ක නාමලේඛනයක් මේ වන විට ප්රසිද්ධියට පත්කර තිබෙනවා.
මේ සඳහා ලියාපදිංචි වීමට නොහැකි වූවන් සඳහා මෙන්ම මෙම වැඩසටහනට අලුතින් සම්බන්ධ වීමට අදහස් කරන අයට වාර්ෂිකව ඒ සඳහා අවස්ථාව සලසා දෙන බවයි වාර්තා වෙන්නේ.
එසේම ලියාපදිංචි වීමට නොහැකි වූවන්ට ලබන අගෝස්තු මාසයේ දී යළිත් ලියාපදිංචි වීමට අවස්ථාව හිමි වෙන බව ද සඳහන් වෙනවා.

