මෙරට හිටපු සුපිරි දඟපන්දු යවන ක්‍රීඩක මුත්තයියා මුරලිදරන් විසින් මෙවර ලෝක කුසලානය දිනා ගන්නා කණ්ඩායම පිළිබඳව අනාවැකියක් ප්‍රකාශ කර තිබෙනවා.
ඒ ඊයේ මුම්බායි නුවර පැවැත්වුණු ලෝක කුසලාන තරග කාලසටහන නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.
එහි දී ඔහු කියා සිටියේ මෙවර ලෝක කුසලානය ඉන්දියාව හෝ එංගලන්තය විසින් දිනා ගනු ඇති බවයි.
කණ්ඩායම් 10ක ගේ සහභාගීත්වයෙන් එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය මේ වසරේ ඔක්තෝබර් 5 සිට නොවැම්බර් 19 දක්වා පැවැත්වීමට නියමිතය.
එහි සමාරම්භක තරගය 2019 ලෝක කුසලාන තරගාවලියේ ශූරයින් වූ එංගලන්තය සහ අනුශූරයින් වූ නවසීලන්තය අතර අහමදාබාද් නුවර නරේන්ද්‍ර මෝදි ක්‍රීඩාංගණයේ දී පැවැත්වේ.

