සූදු ක්‍රීඩා නියාමනය කිරීමේ අධිකාරියක්

සියලූම සූදු ක්‍රීඩා ක්‍රියාකාරුවන්ට බලපාන ලෙස ‘සූදු ක්‍රීඩා නියාමනය කිරීමේ අධිකාරිය’ නමින් නියාමන ආයතනයක් පිහිටුවීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වී තිබෙනවා.

සූදු ක්‍රීඩා මඟින් අපේක්ෂිත බදු ආදායම් නිසි පරිදි අයකර ගැනීම, සූදු ක්‍රියාකාරකම් හා සම්බන්ධ අපරාධ ක්‍රියාවන් වැළැක්වීම, සූදු ක්‍රීඩාවන් මඟින් පුද්ගලයින්ට හා සමාජයට සිදුවන අයහපත් ප්‍රතිවිපාක අවම කිරීම වැනි කාර්යයන් එම අධිකාරිය හරහා කිරීමට නියමිත යි.

ඒ අනුව අදාළ අධිකාරිය ඇති කිරීම සඳහා පනත් කෙටුම්පතක් සකස් කරන ලෙස නීති කෙටුම්පත් සම්පාදකට උපදෙස් දීම සඳහා මුදල්, ආර්ථික ස්ථායිකරණ සහ ජාතික ප්‍රතිප්ති අමාත්‍ය ලෙස ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇත.