ශ්‍රී ලංකා – අයර්ලන්ත තීරණාත්මක තරඟය අද

2023 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරඟාවලියේ සුදුසුකම් ලබා ගැනීමේ තරඟ වටයේ ශ්‍රී ලංකාව සහ අයර්ලන්තය අතර තීරණාත්මක තරඟය අද පැවැත්වීමට නියමිතයි.

මූලික වටයේ B කාණ්ඩයෙන් තරඟ බිමට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායම පළමු හා දෙවන තරග වලදී පිළිවෙලින් එක්සත් අරාබි එමීර් රාජ්‍ය සහ ඕමානය පහසුවෙන් පරාජය කිරීමට සමත් වුනා.

ඒ අනුව ප්‍රසාද ලකුණු 4 ක් සහ ශුද්ධ ලකුණු ලබා ගැනීමේ වේගය අනුව ශ්‍රී ලංකා කණ්ඩායම මෙම කාණ්ඩයේ ඉදිරියෙන් සිටින අතර අද පවත්වන මෙම තරගය ජය ගතහොත් සුපිරි කණ්ඩායම් හය දෙනාගේ වටයට ශ්‍රී ලංකා කණ්ඩායම සුදුසුකම් ලබා ගන්නවා.

අද තරගය සිම්බාබ්වේ දේශයේ බුලවයෝහි දී පස්වරු 12.30 ට ආරම්භ වීමට නියමිත යි.