වසරක් තුළ නිකුත් කළ වැඩිම පාස්පෝට් සංඛ්‍යව පසුගිය වසරෙන්

වසරක් තුළ දී නිකුත් කළ වැඩිම ගුවන් බලපත්‍ර සංඛ්‍යාව 2022 දී නිකුත් කර ඇති බව සිය වාර්ෂික කාර්ය සාධන වාර්තාව නිකුත් කරමින් ආගමන විගමන දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

ඒ අනුව 2022 වසරේදී විදේශ ගමන් බලපත්‍ර නව ලක්ෂ එකළොස්දහස් හයසිය අසූනවයක් නිකුත් කර තිබෙනවා.

එම සංඛ්‍යාව 2021 වසරේදි නිකුත් කළ විදේශ ගමන් බලපත්‍ර සංඛ්‍යාවට වඩා, පන් ලක්ෂ විසිනව දහස් එකසිය තිස්අටකින් වැඩි ය.

එසේම පසුගිය වසරේ කටුනායක ගුවන් තොටුපොළින් රටින් පිට වි ඇති සංඛ්‍යව විසි ලක්ෂ දහඅට දහස් හැට හයකි.

ඒ අතරින් එකොලොස් ලක්ෂ විසිහතර දහස් විසි දෙකක් ශ්‍රී ලාංකිකයින් වන අතර අට ලක්ෂ හැට හතර දහස් හයසිය හතලිස් අටක් විදේශිකයන් වන බවයි ආගමන විගමන දෙපාර්තමේන්තුව සඳහන් කළේ.