පළාත් පාලන මැතිවරණයේ නාමයෝජනා අහෝසි කිරීමේ සාකච්ඡාවක්

පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශයේ උපදේශන කාරක සභාවේදී ඉදිරිපත් වුණු පළාත් පාලන මැතිවරණය සඳහා ඉදිරිපත්කර ඇති නාමයෝජනා අහෝසි කිරීමේ යෝජනාව පිළිබඳව සාකච්ඡා ආරම්භ කිරීමට රජය තීරණය කර තිබෙනවා.

ඉදිරි සති කිහිපය තුළ ඒ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා සමග සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බවයි පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා සඳහන් කළේ.

මැතිවරණය කල්යාම තුළින් නාම යෝජනා බාරදී ඇති රාජ්‍ය සේවකයින් සම්බන්ධයෙන් විවිධ ගැටලු නිර්මාණය වී ඇති අතර මේ හේතුවෙන් අදාළ නාමයෝජනා අහෝසි කිරීමට බොහෝ දෙනෙකුගේ ඉල්ලීම් ඉදිරිපත් ව තිබෙනවා.