කොරෝනා වෛරසයේ ආරම්භය ගැන සැකයක්

කොරෝනා වෛරසය චීනයේ වූහාන් හි වූ රසයනාගරයකින් ආරම්භ වූ බවට ස්ථිර සාක්ෂියක් සොයා ගැනීමට නොහැකි වූ බව ඇමරිකානු බුද්ධි අංශ වාර්තා කරනවා.

ඔවුන් සිය වාර්තාවල සඳහන් කර ඇත්තේ මෙම කෝවිඩ් වෛරසය රසායනාගාරයක නිර්මාණය කළ එකක් වීමේ හැකියාව සම්පුර්ණයෙන් ප්‍රතික්ෂේප කල නොහැකි වුවත් එය සනාථ කිරීමට නිශ්චිත වාර්තා ඔවුන් සතු නොවන බවයි.

ඇතැම් විද්‍යාඥයින් පවසන්නේ ඇමරිකාවේ බුද්ධි අංශ හෝ වෙනත් කිසිදු ආයතනයකට covid-19 වසංගතයේ මූලාරම්භය කිසිදු දිනයක නිශ්චිතවම සොයා ගැනීමට නොහැකි වන බවයි.