විශේෂ බැංකු නිවාඩු දිනයක්

ලබන ජුනි 30 වන සිකුරාදා දිනය විශේෂ බැංකු නිවාඩු දිනයක් ලෙස රජය විසින් ප්‍රකාශයට පත් කර ඇත.

ඊට අදාළ ගැසට් නිවේදනය අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා විසින් නිකුත් කර තිබෙනවා.

හජ් උත්සවය ජුනි 29 වන දා සමරනු ලබන බව කොළඹ මහ පල්ලිය විසින් මිට පෙර නිවේදනය කරනු ලැබුවා.