සිය සාමාජිකත්වය විසින් අනුමත කළ මූල්‍ය ප්‍රකාශයට අනුව 2022 වසරේදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය රුපියල් බිලියන 6.3ක ශුද්ධ අතිරික්තයක් වාර්තා කර ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරනවා.
2022 වසර තුළ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මුළු ආදායම රුපියල් බිලියන 17.5ක් වන අතර එය 2021 වසරට වඩා 120% ක වර්ධනයක් බව යි ඔවුන් සඳහන් කරන්නේ.
එමෙන්ම මෙම බිලියන 6.3 ක අතිරික්තය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ඉතිහාසයේ වාර්තාකළ ඉහළම අගය ලෙස වාර්තා ගත වෙනවා.
ජාත්‍යන්තර ක්‍රිකට් තරග, දේශීය ක්‍රිකට් තරග, අනුග්‍රාහක කොන්ත්‍රාත් සහ ජාත්‍යන්තර ක්‍රිකට් සම්මේලනයේ වාර්ෂික ප්‍රතිපාදන ආදිය මෙම ආදායම් වර්ධනයට ප්‍රධාන වශයෙන් වහල් වී ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වැඩිදුරටත් පවසනවා.

