කටුනායක දෙවන පර්යන්තයේ ඉදිකිරීම් යළි අරඹයි

කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ දෙවන පර්යන්තයේ ඉදිකිරීම් යළිත් ආරම්භ කළ බව වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍යංශය පවසනවා.

ජපාන ගුවන්තොටුපොළ උපදේශන සමාගමේ අධීක්ෂණය යටතේ සිදු කෙරෙන මෙම ඉදි කිරීම් සඳහා අවශ්‍ය රුපියල් මිලියන 500 ක මුදල් වැය කරනු ලබන්නේ ගුවන්තොටුපොළ සහ ගුවන් සේවා සමාගමේ මුල්‍ය ප්‍රතිපාදන මඟිනි.

ශ්‍රී ලංකාව ආර්ථික වශයෙන් බංකොලොත් බවට ප්‍රකාශයට පත් කිරීමෙන් පසුව ජපාන ජයිකා ආයතනය විසින් ලබා දුන් ණය මුදල් අත්හිටුවීම හේතුවෙන් දෙවන පර්යන්තයේ ඉදි කිරීම් කටයුතු අතරමඟ නතර කිරීමට සිදු වුනා.