මෝදී ඇමරිකානු සංචාරයක

දෙරට අතර පවතින සබඳතා පුළුල් කිරීමේ අරමුණින් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදී ඊයේ ඇමරිකානු සංචාරයක් ආරම්භ කර තිබෙනවා.

මෝදී ඇමරිකාව තුල පූර්ණ රාජ්‍යතාන්ත්‍රික සංචාරයක යෙදෙන පළමු අවස්තාව මෙය වන අතර ඉන්දීය රාජ්‍ය නායකයෙකු ඇමරිකාවේ සිදු කෙරෙන තුන්වන රාජ්‍ය සංචාරය ද මෙය වනවා.

ඉන්දියාව සහ ඇමරිකාව අතර වෙළඳ හා ආයෝජන සම්බන්ධතා ඉහළ නැංවීමට මෙන්ම රටට ඔරොත්තු දෙන ගෝලීය සැපයුම් දාමයන් ගොඩනැගීම සඳහා වූ අවස්ථා පිළිබඳව සාකච්ඡා කිරීමට ද නියමිත බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ.