තවත් ක්‍රීඩකයින් තිදෙනෙක් ශ්‍රී ලංකා කණ්ඩායමට එක් වෙයි

ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලැබීමේ තරගවලට සහභාගී වන ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සමඟ එක්වීම සඳහා තවත් ක්‍රීඩකයින් තිදෙනෙක්ව සිම්බාබ්වේ වෙත පිටත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරීන් තීරණය කර තිබෙනවා.

ඒ අනුව ඩිල්ශාන් මධුශංක, දුනිත් වෙල්ලාලගේ සහ සහන් ආරච්චිගේ යන ක්‍රීඩකයින් ජූනි 23 වනදා ශ්‍රී ලංකා කණ්ඩායම හා එක්වීමට නියමිතව ඇත.

මෙසේ අමතර ක්‍රීඩකයන් යවනු ලබන්නේ ‘standby options’ හෙවත් යම් නිත්‍ය ක්‍රීඩකයෙක් ආබාධයකට ලක් වුවහොත් කණ්ඩායමට එක්කිරීමට යි.