ලොතරැයි පත්වල මිලත් ඉහළට

ජාතික ලොතරැයි මණ්ඩලයේ ලොතරැයි පතක මිල දෙගුණයකින් ඉහළ දැමීමට මහා භාණ්ඩාගාරයේ අනුමැතිය හිමිව ඇති බව ජාතික ලොතරැයි මණ්ඩලය නිවේදනය කරනවා.

ඒ අනුව දැනට රුපියල් 20 ක් ව පවතින ලොතරැයි පතක මිල රුපියල් 40 ක් දක්වා වැඩි කිරීමට නියමිතව ඇත.

මෙම මිල වැඩි කිරීමට සමගාමීව දිනුම් ඇදීම් වලදී ලබා දෙන ත්‍යාග මුදල ද ඉහළ දැමීමට සැලසුම් කර ඇති බවයි ජාතික ලොතරැයි මණ්ඩලය සඳහන් කරන්නේ.