පාසලේ දී හිරිහැරවලට ලක් වීම නිසා දැඩි ලෙස කම්පා වන වයස අවුරුදු නවයක ඕස්ට්‍රේලියානු පිරිමි දරුවෙකුගේ වීඩියෝවක් සීඝ්රයෙන් පැතිර යාමත් සමග ඔහු වෙනුවෙන් ලොව පුරා විශාල පිරිසක් පෙළ ගැසී සිටිති.
කුරු බව හේතුවෙන් පාසලේ දී වෙනස්කම්වලට මුහුණ දුන් සිය පුතු ක්වාඩෙන් ගේ වීඩියෝවක් සමාජ මාධ්‍ය ජාල වෙත මුදා හැරීමට යාරාකා බෙයිල් ක්‍රියා කළාය.
“මේ හිරිහැරවලට ලක්වීමේ ප්රතිඵලයි,” යැයි ඇය එම වීඩියෝවේ පවසන අතර, පුතා තම ජීවිතය අවසන් කර ගැනීමට අවශ්‍ය බව පවසයි.
මෙම වීඩියෝව මිලියන 19 කට වඩා වැඩි වාර ගණනක් නරඹා ඇති අතර, ලොව නන් දෙසින් සහය ගලා එන්නට විය. එමෙන්ම, #WeStandWithQuaden යන හෑෂ් ටැගය යටතේ විවිධ පණිවිඩ පළ වී තිබිණි. රංගන ශිල්පී හියු ජැක්මන් සහ පැසිපන්දු ක්‍රීඩක එනෙස් කාන්ටර් ඇතුළු සුප්‍රසිද්ධ පුද්ගලයින් මේ සම්බන්ධයෙන් අදහස් දක්වා ඇති අතර, සමාජ මාධ්‍ය ජාල ඔස්සේ බොහෝ රටවල දෙමාපියන් මෙම වීඩියෝව හුවමාරු කරගෙන තිබිණි.
සෑම දිනකම සිය පුතු අත්විඳින හිරිහැර ගැන අඟහරුවාදා (පෙබරවාරි 18) පළ කරන ලද මිනිත්තු හයක වීඩියෝ පටය තුළ ක්වාඩෙන්ගේ ඔහුගේ මව විස්තර කරන්නීය. ඕස්ට්‍රේලියානු ආදිවාසී පවුලක් වන ඔවුහු ක්වීන්ස්ලන්ඩ්හි දිවි ගෙවති.
“මම මේ දැන් මගේ පුතාව පාසලෙන් අරගත්තා, ඔහුට හිරිහැර කරනවා දැකගන්න ලැබුණා. විදුහල්පතිතුමාට කතා කළා. දෙමව්පියන්, අධ්‍යාපනඥයන්, ගුරුවරුන් දැනගන්න අවශ්‍යයි මේ තමයි හිරිහැර කිරීමෙන් ඇති වූ බලපෑම කියලා,” යාරාකා බෙයිල් පවසන්නේ සිය පුතු ඉකිබිඳින අතරය.
“සෑම දිනකම … යම් දෙයක් සිදුවෙනවා. තවත් සිද්ධියක්, තවත් හිරිහැර කිරීමක්, තවත් නින්දා කිරීමක්, තවත් නම් පටබැඳීමක්.”
“කරුණාකර ඔබේ දරුවන්, ඔබේ පවුල්, මිතුරන් මේ ගැන දැනුවත් කළ හැකිද?”
යනුවෙන් ඇය සමාජමාධ්‍ය ඔස්සේ පවසා තිබෙනවා.
BBC News

