මත්ද්‍රව්‍ය භාවිතා කර වාහන ධාවනය කරන රියදුරන් අත්අඩංගුවට ගැනීම සඳහා විශේෂ වැටලීම් ක්‍රමවේදයක් එළඹෙන අගෝස්තු පළමුවනදා සිට දිවයින පුරා ක්‍රියාත්මක කරන බව පොලිසිය පවසනවා.
මත්ද්‍රව්‍ය භාවිතා කර ඇති රියදුරන් හඳුනා ගැනීම සඳහා ඛේටය පරික්ෂා කරන උපකරණ කට්ටල දැනටමත් මෙරටට ගෙන්වා ඇති බවයි ඔවුන් සඳහන් කරන්නේ.
බස්නාහිර පළාත තුළ සිදු කරන ලද නියමු ව්‍යාපෘතියේ දී මත්ද්‍රව්‍ය ගෙන ධාවනය කළ පුද්ගලයින් 41 දෙනෙකු හඳුනා ගැනීමට පොලිසිය සමත් වී තිබෙනවා.

