යළි බිත්තර හිඟයක්

වෙළඳපොල තුළ යළිත් වතාවක් බිත්තර හිඟයක් නිර්මාණය වී තිබෙනවා.

මස්, මාළු, කරවල ආදී වූ ආහාර වල මිල ගණන් විශාල ලෙස ඉහළ යාම හේතුවෙන් බිත්තර පරිභෝජනය වැඩි වීමත් සමඟ මෙම හිඟය නිර්මාණය වී ඇති බවයි ලංකා බිත්තර නිෂ්පාදකයන්ගේ සංගමය ප්‍රකාශ කරන්නේ.

රජය විසින් බිත්තර සඳහා පාලන මිලක් පනවා ඇති පසුබිමක වුවත් වෙළඳපොල තුළ බිත්තර අලෙවි වන්නේ ඊට වඩා වැඩි මිලකට ය.