මිනිසුන් මනුෂ්‍යත්වය මත පිහිටා කටයුතු කරන්නේ නම් මේ ලෝකය තරම් වූ සුන්දර තැනක් වෙන කොහේවත් නැතැයි ඔබට මට සිතේවී.
එවන් වූ මනුෂ්‍යත්වයෙන් පිරි මිනිසුන් මේ ලොව කොහේ හෝ සිටින බව විශ්වාස කිරීමටම වටින කරුණක් බව මේ කතාව බලන ඔබට සිතේවි.
ඈ කාලයකට පෙර ඩුබායි රාජ්‍යයට යන්නේ ග්ෘහ සේවය සඳහායි.එහි දී ඇයට හමුවන්නේ හාම්පුතාලා නොව සිය පව්ලේ සාමාජිකයි වැනි පිරිසකි.
කලක් ගත වී ඇය හදිසියේ රෝගාතුර වී ලංකාවට පැමිණි පසු මිය යන තෙක්ම ඇය බැලීමට පැමිණි ඇයට අම්මා යැයි කියූ ඩුබායි ජාතිකයින් පිරිසකගේ මනුෂ්‍යත්වයේ කතාවයි මේ.
=================================
—– ඔවුහු වචනයේ පරිසමාප්ත අරුතින්ම අති උත්තම මිනිසුන් වූහ —–
බලා සිටි සැමගේ නෙතට කඳුලක් එක් කරමින් ඩුබායි රටේ ගෘහ සේවය සඳහා ගිය ශාන්ති අක්කගේ මළ ගෙදර “අම්මා අම්මා” කියා අඩමින් මිනි පෙට්ටිය කරමත තබාගෙන ඇය සේවය කල ඩුබායි රටේ මිනිසුන් ඇඩුහ.
ගෘහ සේවය සඳහා ගිය මෙරට කාන්තාවකගේ මළ ගෙදරට ඇය සේවය කල නිවසේ ස්වාමියා ඇතුළු 6 දෙනෙකු පැමිණ අවසන් බුහුමන් දැක්වුහ
මෙම සංවේදී දසුන .“මගේ හොදම යාලුවෙක්ගේ අක්කගේ වියෝව දවසේ මා දුටු මිනිස්කම” පිළිබඳ සාක්ෂියකි.
” නමින් ජගත් ලක්ෂ්මන්, මගේ අවුරුදු 30ත් වැඩි හොදම යාළුවෙක්.
සහෝදරයෙක් කිව්වත් වැරදි නැ… මේක පටන්ගන්නේ ජගත් අයියාගේ අක්කා ශාන්ති අක්කගේ වියෝවත් සමගින්…
ශාන්ති අක්කා 1981 රැකියවක් සඳහා ඩුබායි රටට යන්නේ දරුවන් 4දෙනෙක් බලාගැනිමටයි.
වැඩි කලක් යන්නට මත්තෙන් ඒ දරුවන් ගණන 8ක් බවට පත්වෙනවා. දරුවන් අටකගේ වගකිම මව් පදවියක් නොලබපු ශාන්ති අක්කා නොපිරිහේලා ඉටුකරනවා.
(ශාන්ති අක්කා අවිවාහකයි) වසර 38 එකම නිවසක සේවය කල ශාන්ති අක්කා 2009 වසරේ අසනීප වෙනවා.
ඒ අවස්ථාවේ ලංකාවට නොඑවා ඩුබායි රටේම ප්‍රතිකාර කරන්නට ඩුබායි ජාතිකයින් කටයුතු කරනවා.
ඒ අවස්ථාවේදි මගේ මිතුරු ජගත් අයියාට නොමිලේ වීසා සහ ගුවන් ගමන් පතක් ලබා දි අක්කාගේ සැපදුක් බැලිමටද ගෙන්වා ගැනීමට තරම් ඒ අය කාරුනික වෙනවා.
ඇයගේ අසනීප තත්වය දිනෙන් දින වැඩි වෙනකොට, ඇයට උපස්ථාන කිරිමට ලංකාවෙන් තවත් සේවිකාවක් එම නිවසේම ශාන්ති අක්කා වෙනුවෙන් නතර කරනවා.
ඒ අතරතුර ශාන්ති අක්කගේ බල කිරීම මත සිංහල බෙහෙත් කිරිම පිනිස ඇයත් කැටුව ඔවුන් ලංකාවට පැමිණෙන්නේ 2012 දීයි ඒ හොඳ කර ගෙන හෝ නැතිව නැවත ඔවුන්ගේ ගෙදරට එන පොරොන්දුව මතයි.
ඔවුන් ඇයව ලංකාවට ගෙනැවිත් මගේ යාලුවාට බාරදී , ඇයව කෙසේ හෝ සුවකරලා නැවතත් ඔවුන්ගේ ගෙදරට එවන මෙන් ජගත් අයියාගෙන් ඉල්ලා අයැද රටින් පිටවෙනවා.
මේ කාළය අතරේදී ජගත් අයියා දන්නා සැම වෙදකමක්ම ඇය වෙනුවෙන් කැපවී කරන නමුත් දිනෙන් දින ඇය ගේ රෝගි තත්වය උස්සන්න වෙනවා.
2012 සිට ඇය මියයන තෙක්ම දුරකතන මගින් ද වසරට කිපවරක් ඔවුන් මෙරටට ඇවිදින්ද ශාන්ති අක්කව බලලා යනවා.
ඇය මියගිය පුවත ඇසූ ඔවුන් 6 දෙනෙකු ලංකාවට පැමිණ තිබෙනවා.
ඔහුන් අම්මා අම්මා කියා අඬමින් මිනි පෙට්ටිය කරමත තබාගෙන යනවිට, දේහයට අවසන් බුහුමන් දැක්විමට පැමිනි අප සැමගේ නේතටත් අප නොදැනිම කදුලක් එකතුවුනා.
ශාන්ති අක්කා හැමදාමත් ඔවුන් තුල ජිවත් වේ යැයි කියා මටත් හිතුනා.
අවසානයේ ඔවුන් ඔවුන්ගේ ආගම කියමින් වල ලඟ වැතිරිලා ඔවුන්ව අතිදැඩි කල ඒ අම්මාට අවන්කම ස්තුතිය පුදකලා කියා මට හිතුනා.
දෙමාපියන් මහමග දමායන රටේ කුමන හෝ ජාතියකින් මිහිපිට මම වසර 52ට දැකපු හොදම දසුන මේයයි කියා මම සිතමි.
=Rajeew Weragama මහතාගේ සටහනක්




