බේකරි නිෂ්පාදනවල මිල අඩු කිරීමක්

දේශිය තිරිඟු පිටි සමාගම් ඉදිරියේදී තිරිඟු පිටි මිල වැඩි කරන්නේ නම් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ අනුමැතිය ලබා ගත යුතු බව වෙළෙඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා පවසයි.

අද මාධ්‍ය හමුවක් පවත්වමින් අමාත්‍යවරයා පැවසුවේ කඩිනමින් බේකරි නිෂ්පාදනවල මිල රුපියල් 10කින් අඩු කළ යුතු බවට ද අදාළ අංශ වෙත දැනුම් දී ඇති බවය.