මේ දිනවල උතුරු ඉන්දියාවෙන් වාර්තා වෙන සෙල්සියස් අංශක 40 ඉක්ම වූ අධික උෂ්ණත්වය හේතුවෙන් එරට බොහෝ දෙනෙක් ජිවිතක්ෂයට පත් වී තිබෙනවා.
ජුනි 15,16,17 යන තෙදින තුළ පැවති දරා ගත නොහැකි උණුසුම හේතුවෙන් බිහාර් ප්‍රාන්තයේ පුද්ගලයින් 44 දෙනෙක් ද, උත්තර් ප්‍රදේශ් හි පුද්ගලයින් 54 දෙනෙක් ද මිය ගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
අධික උණුසුම හේතුවෙන් ඇති වූ ශ්වසන සංකුලතා සහ උණ හේතුවෙන් තවත් පුද්ගලයින් 400 ක් පමණ රෝහල්ගත කර තිබෙනවා.
අන්ද්‍රා ප්‍රදේශ් හි වූ Tuni යන නගරය සෙල්සියස් අංශක 45.1 ක් තරම් වූ උපරිම උෂ්ණත්වයක් වාර්තා කරනවා.

