පාස්පෝට් නිකුත් කිරීමට ඇඟිලි සලකුණු ලබා ගැනීම හෙට සිට

විදෙස් ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ නව වැඩපිළිවෙල සඳහා ඇඟිලි සලකුණු ලබා ගැනීම හෙට සිට ආරම්භ කරන බවයි ආගමන විගමන පාලක ජනරාල් හර්ෂ ඉලුක්පිටිය මහතා ප්‍රකාශ කරන්නේ.

එය දිවයින පුරා ප්‍රාදේශීය ලේකම් කාර්යාල 51 ක දී සිදු කෙරෙනු ඇත.

ප්‍රාදේශීය ලේකම් කාර්යාල හරහා දෛනිකව පුද්ගලයින් 765 දෙනෙකුගේ පමණ ඇඟිලි සලකුණු ලබා ගන්නා බව ද ආගමන විගමන පාලක ජනරාල්වරයා වැඩිදුරටත් සඳහන් කරනවා.

මෙහි දී සකස් කරන විදෙස් ගමන් බලපත්‍රය දින කිහිපයක් ඇතුළත කුරියර් මාර්ගයෙන් නිවෙසට ලබා දීමට පියවර ගෙන තිබෙනවා.