පාන් මිල අඩු කිරීමට කොන්දේසියක්

බිත්තරයක මිල රුපියල් 35 දක්වා අඩු කරන්නේ නම් සහ තිරිඟු පිටි මිල පහත දමන්නේ නම් පාන් ඇතුළු බේකරි නිශ්පාදනවල මිල ගණන්ද පහත දමන බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය ප්‍රකාශ කරනවා.

එසේම තාවකාලිකව නතර කර ඇති තිරිඟු පිටි ආනයනය ද යළි ආරම්භ කිරීමට ආණ්ඩුව කටයුතු කළ යුතු බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.

කෙසේවෙතත් තිරිඟු පිටි ආනයනය නතර නොකර පිටි කිලෝවක මිල රුපියල් 180ත් 170ත් අතර මිලකට අඩු කළේ නම් පාන් ගෙඩියක මිල රුපියල් 10කට වැඩි මුදලකින් අඩු කිරීමට ද ඔවුන් තීරණය කර තිබෙන බවයි සඳහන් කරන්නේ.