ඖෂධ මිල තවදුරටත් අඩු කිරීමට රජයට හැකි බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා. එහි මධ්‍යම කාරක සභික වෛද්‍ය චමිල් විජේසිංහ පැවසුවේ ඖෂධ වර්ග 1300කට අධික ප්‍රමාණයක් භාවිතා වන අවස්ථාවක ඖෂධ වර්ග 60ක මිල අඩු කිරීම සාධාරණීය නොවන බවයි.
මේ අතර රජයේ ඖෂධවේදීන්ගේ සංගමය අද පෙරවරු 08 සිට දිවයින පුරා සංකේත වැඩ වර්ජනයක් ආරම්භ කළා. ඒ, ඖෂධ නියාමන අධිකාරියේ ඖෂධවේදීන් 23 දෙනෙකු ස්ථාන මාරු කිරීමට එරෙහිවයි. කෙසේ වෙතත් මෙම වර්ජනය හේතුවෙන් රෝහල් වල රෝගී ප්‍රතිකාර කටයුතු සඳහා බාධා එල්ල වී ඇති බවටයි වාර්තා වුණේ.

