කොළඹ නගරය ආශ්‍රිතව විදුලි බස් රථ සේවයක් යෙදවීම සඳහා කැබිනට් අනුමැතිය හිමි වී ඇති බව ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කරනවා.
විශාල ලෙස ඉන්ධන මිල ඉහළ යාමෙන් සිදු වන ප්‍රවාහන ගාස්තු වැඩිවීමට විසඳුම ලෙස අමාත්‍යවරයා දක්වන්නේ පොදු ප්‍රවාහනය විදුලිය බවට පත් කිරීම යි.
එහි එක පියවරක් ලෙස මෙම විදුලි බස් රථ සේවාව ඉක්මනින් ආරම්භ කිරීමට කටයුතු කරන බවත්, අනාගතයේ දී ත්‍රීරෝද රථ, වෑන් හා අනෙක් දුම්රිය පවා විදුලියෙන් ධාවනය වන ඒවා බවට පරිවර්තන කිරීමට පියවර ගන්නා බවයි වැඩිදුරටත් පවසන්නේ.
එසේම ලංකා ගමනාගමන මණ්ඩලය ව්‍යාපාරයක් ලෙස සලකමින්, විවිධ ප්‍රදේශවල ඇති පාඩු ලබන ඩිපෝ වසා දැමීමට පියවර ගෙන ඇති බව අමාත්‍යවරයා සඳහන් කරනවා.

