උසස් පෙළ ප්‍රයෝගික පරීක්ෂණ ලබන 27 වන දා සිට

2022(2023) අධ්‍යන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රයෝගික පරීක්ෂණ මේ මස 27 වන දා සිට නැවත ආඩම්භ කරන බව විභාග කොමසාරිස්වරයා දැනුම් දෙනවා.

මෙහි දී නැටුම් – දේශීය සහ භරත, සංගීතය – පෙරදිග, ඉංජිනේරු තාක්ෂණවේදය, ජෛව පද්ධති තාක්ෂණවේදය යනාදී විෂයන්ට අදාළ ප්‍රයෝගික පරීක්ෂණ පැවැත්වේ.

පාසල් අයදුම්කරුවන්ගේ ප්‍රවේශ පත්‍ර අදාළ පාසල් වල විදුහල්පතිවරු වෙත ද, පෞද්ගලික අයදුම්කරුවන්ගේ ප්‍රවේශපත් අදාල අයදුම්පතෙහි සඳහන් ලිපිනයන්ට ද තැපැල් මඟින් යොමු කරන බවයි සඳහන් කරන්නේ.

ප්‍රයෝගික පරීක්ෂණය සම්බන්ධයෙන් යම් ගැටළුවක් වේ නම් 1911 ක්ෂණික දුරකථන අංකයෙන් හෝ 011 27 84 208, 011 27 84 537, 011 27 86 616, 011 27 85 922 යන දුරකථන වලට අමතා වැඩිදුරට තොරතුරු ලබා ගත හැකි වේ.