උසස් පෙළ උපකාරක පන්ති ක්ෂේත්රය නියාමනයකට ලක් කිරීමට කටයුතු කරන බව උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය ආචාර්ය සුරේන් රාඝවන් මහතා ප්‍රකාශ කරනවා.
උසස් පෙළ පන්තිවල අය කරන ගාස්තු, එම පන්තිවල පවසන කරුණු ආදී අංශ කිහිපයක් පදනම් කර ගනිමින් මෙම නියාමනය සිදු කිරීමට අපේක්ෂා කරන බව යි ඔහු සඳහන් කරන්නේ.
එමෙන්ම මේ උසස් පෙළ විභාගයෙන් විශ්වවිද්‍යාල ප්‍රවේශය ලැබූ ළමුන් එළඹෙන සැප්තැම්බර් මාසය වන විට විශ්වවිද්‍යාල සඳහා ඇතුළු කරගැනීමට කටයුතු කරන බව ද ඒ මහතා පවසනවා.

