යුධ හමුදා රෝහලෙන් ගිනස් වාර්තාවක්

කොළඹ යුද හමුදා රෝහලේ දී පසුගිය ජුනි 01 දින සිදුකළ ශල්‍යකර්මයක දී වකුගඩු ආශ්‍රීත හටගත් ලොව විශාලතම සහ දිගම ගල ඉවත් කිරීමට වෛද්‍ය කාර්ය මණ්ඩලය සමත්ව තිබෙනවා.

ශ්‍රී ලංකා යුද හමුදා මාධ්‍ය ඒකකය සඳහන් කරන්නේ එය ගිනස් ලෝක වාර්තා අතරට එක් වීමට සමත්ව ඇති බවයි.

ශල්‍යකර්මයෙන් ඉවත් කරන ලද වකුගඩු ආශ්‍රිත ගල සෙන්ටිමීටර 13.372ක් දිග සහ ග්‍රෑම් 801ක් බරින් යුක්ත වනවා.

කොළඹ යුද හමුදා රෝහලේ ජෙනිටෝ මුත්‍රා අංශයේ ප්‍රධානී මුත්‍රා රෝග විශේෂඥ වෛද්‍ය ලුතිනන් කර්නල් (වෛද්‍ය) කේ. සුතාර්ෂන්ගේ ප්‍රධානත්වයෙන් යුත් කපිතන් (වෛද්‍ය) ඩබ්ලිව්.පී.එස්.සී පතිරත්න සහ වෛද්‍ය තමන්ෂා ප්‍රේමතිලක විසින් මෙම ශල්‍යකර්මයේ සිදු කර තිබෙනවා.