ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් ප්රදේශ කිහිපයකට නායයෑම් අනතුරු ඇඟවීමේ රතු නිවේදනයක් නිකුත්කර තිබෙනවා.
ඒ අනුව කෑගල්ල දිස්ත්රික්කයේ දෙහිඕවිට සහ දැරණියගල ප්රාදේශීය ලේකම් කොට්ඨාස සඳහා මෙලෙස රතු නිවේදන නිකුත් කර තිබෙනවා.
එසේම කෑගල්ල දිස්ත්රික්කයේ යටියන්තොට ප්රාදේශීය ලේකම් කොට්ඨාසය මෙන්ම රත්නපුර දිස්ත්රික්කයේ ඇළපාත, නිවිතිගල, කළවාන, ඇහැළියගොඩ සහ රත්නපුර යන ප්රදේශ සඳහා ද ඇම්බර් වර්ණයෙන් යුතු අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කර තිබෙනවා.
කොළඹ දිස්ත්රික්කයේ සීතාවක ප්රාදේශීය ලේකම් කොට්ඨාසයට, රත්නපුර දිස්ත්රික්කයේ කිරිඇල්ල, අයගම, කුරුවිට සහ පැල්මඩුල්ල යන ප්රදේශ සඳහාද නායයෑමේ පූර්ව අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කර ඇත.

