ජම්මු සහ කාශ්මීර් ප්‍රදේශයේ භූ කම්පනයක්

ඉන්දියාවේ ජම්මු සහ කාශ්මීර් ප්‍රදේශයේ අද පස්වරුවේ රිච්ටර් මාපාංකයේ 5.4 ක ප්‍රභලත්වයෙන් යුතු භූ කම්පනයක් හට ගෙන තිබෙනවා.

එම කම්පනය ඉන්දියාවේ නවදිල්ලියට, උතුරු ඉන්දියාවේ ප්‍රදේශ රැසකට මෙන්ම පාකිස්ථානයේ ලාහෝර් නුවර ද දනී ඇති බවයි ඉන්දියාවේ භූ කම්පන විද්‍යා පිලිබඳ ජාතික මධ්‍යස්ථානය වාර්තා කරන්නේ.

භූ කම්පාවෙන් සිදු වූ හානිය පිලිබඳ මෙතෙක් වාර්තා වී නොමැත.