මැතිවරණ සඳහා අලුත් පනතක්

මැතිවරණ සඳහා “මැතිවරණ විශේෂ විධිවිධාන පනත” නමින් නව පනතක් හඳුන්වා දීමට රජය තීරණය කර තිබෙනවා.

ඒ සඳහා අවශ්‍ය පනත් කෙටුම්පතක් සකස් කරන ලෙස නීති කෙටුම්පත් සම්පාදකවරයාට උපදෙස් ලබා දීම සඳහා වූ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමි වී තිබෙනවා.

පසුගිය වසරේ පාර්ලිමේන්තු මැතිවරණ පනත, පළාත් පාලන ඡන්ද විමසීමේ ආඥා පනහ, ජනාධිපතිවරයා තෝරා පත් කර ගැනීමේ විශේෂ විධිවිධාන පනත සහ පළාත් සභා මැතිවරණ පනත සංශෝධනය කිරීමට තීරණය කරනු ලැබුවා.

කෙසේවෙතත් වෙන් වෙන්ව එම පනත් සංශෝධනය කිරීම වෙනුවට නව මැතිවරණ පනතක් හඳුන්වා දීමට රජය තීරණය කර තිබෙනවා